Terms of Service

සියළුම ව්‍යාපෘති සදහා මුලින් අවමය 50% ක කොටසක් හෝ සම්පූර්ණ ව්‍යාපෘති මුදල අනිවාර්යෙන්ම ගෙවිය යුතුය. එම අගය 50% හෝ 100% ද යන්න පහත කරුණු මත පදනම් වේ.

  • සරලවම ඔබේ Web Hosting තුල වෙබ් අඩවිය සැකසීමට පෙර සම්පූර්ණ මුදලද, අපගේ Web Hosting තුල වෙබ් අඩවිය සැකසීමට 50% ක මුදලක්ද ගෙවීම අනිවාර්ය වේ. ව්‍යාපෘතිය ආරම්භ කරනු ලබන්නේ අදාළ මුදල අපට ලැබුණු පසුව පමණි.
  • ඔබ අපගෙන් Web Hosting මිලදී ගැනීමට අදහස් කරයිනම් එයද ව්‍යාපෘති ආරම්භයේදීම සම්පුර්ණ වසරක මුදල ගෙවා මිලදී ගත යුතුය.
  • ඔබ අපගෙන් Web Hosting මිලදී ගන්නේ නම් 50%ක මුදලක් ව්‍යාපෘතිය සදහා මුලින් ගෙවීම ප්‍රමාණවත් වේ.
  • අපගෙන් Web Hosting මිලදී ගත් අවස්තාවක වුවද සම්පූර්ණ ව්‍යාපෘති මුදල පියවන තෙක් ඔබේ Domain Name එක වෙබ් අඩවිය සමග සම්බන්ධ කිරීම සිදු නොකෙරේ.
  • ඔබ සතුව Web Hosting නොමැති අවස්ථාවක වෙබ් අඩවිය සැකසීමේ කාලය සදහා තාවකාලිකව අප විසින් අපගේ Domain Name (ඩොමේන් නාමයක්) යටතේ ඔබේ වෙබ් අඩවිය සදහා Hosting ලබා දෙනු ලැබේ.
    Ex: YourBusinessName.MyCeylonWeb.com
  • ඔබේ වෙබ් හොස්ටින් සේවාව තුල වෙබ් අඩවිය සැකසීම අත්‍යවශ්‍ය නම් මුලදී අනිවාර්යෙන්ම සම්පූර්ණ ව්‍යාපෘති මුදල ගෙවිය යුතුය.
  • ඔබට වෙබ් අඩවිය සකසන අතරතුරදී “Admin Login” (පරිපාලක ප්‍රවේශ) අවශ්‍යනම් ඊට පෙරද සම්පූර්ණ මුදලම ගෙවිය යුතු වේ.
  • ඔබට වෙබ් අඩවියට ලිපි ඇතුලත් කිරීමට සහ දත්ත ඇතුලත් කිරීමට සීමිත ප්‍රවේශයක් සහිත ගිණුමක් ලබා දිය හැක. එය අවශ්‍යනම් අපගෙන් ඉල්ලා සිටින්න.